QR Print Shop PC · Test 0.1.7

නව යූසර් ඉන්ස්ටෝල් සහ WhatsApp ගයිඩ්

Windows 10 / 11 (64-bit). උදව්: WhatsApp +44 7404 037543

මේ app එක ප්‍රින්ටර් එකට තියෙන shop PC එකේ දාන්න. Customerල QR scan කරලා හෝ WhatsApp එකෙන් file එකක් යවනවා. ඔයා PC එකෙන් බලලා print කරනවා.

Download page · Installer 0.1.7

1. ඕන වෙන දේ

2. Download සහ install

  1. jenoleap.co.uk/public-catalog/qr-print/ වෙත යන්න.
  2. Download Shop PC (test) 0.1.7 click කරන්න.
  3. QR-Print-Shop-PC-Setup-0.1.7.exe double-click කරලා Install කරන්න.
  4. Desktop එකේ QR Print Shop PC open කරන්න.

SmartScreen: “Windows protected your PC” ආවොත් More infoRun anyway. JenoLeap page එකෙන් ගත් file එකට විතරක් මේක කරන්න.

3. Activation key

  1. App එකේ Activation key screen එකේ JenoLeap දුන් key එක type කරන්න.
  2. Activate this PC click කරන්න.
  3. එක key එකක් එක computer එකකට විතරයි. PC මාරු කළොත් JenoLeap ට කියන්න.

4. Account

අලුත් shop එකක් නම් Sign up — shop name, email, password. Confirm email එකක් බලාගෙන ඉන්න ඕන නැහැ. තියෙන account එකක් නම් Log in.

5. Printer

  1. වම් පැත්තේ Printers.
  2. Windows printer list එකෙන් shop printer එක තෝරලා save කරන්න.
  3. Print වැඩ කරන්නේ මේ Windows app එකෙන්. Browser එකෙන් වෙබ් එකට ගියාම printers නොපෙනෙන්න පුළුවන්.

6. QR code

  1. QR & link වෙත යන්න.
  2. Poster එක print කරලා counter එකේ තියන්න.
  3. Customer scan කරලා file upload කරනවා. ඒක Incoming orders එකේ එනවා. ඔයා Print කරනවා.

7. WhatsApp — WalletX app එකෙන් link කරනවා

Customerල shop WhatsApp එකට PDF, JPG, හෝ PNG යවනවා. File එක WalletX හරහා Shop PC Incoming orders එකට එනවා. Shop PC එකේ Facebook / Connect WhatsApp button එක මේ setup එකට භාවිතා කරන්න එපා.

Shop PC → Shop profileWalletX shop slug එකේ WalletX catalog slug එක save කරන්න (UUID නෙවෙයි). ඒක නැත්නම් file එක මේ print shop එකට එන්නේ නැහැ.

  1. Phone එකේ WalletX open කරලා shop එක තෝරන්න (Print Station / Printing Press / Bookshop).
  2. WhatsApp link එකට යන්න. QR code එකක් පෙනෙනවා.
  3. Shop WhatsApp තියෙන phone එකේ: WhatsApp → SettingsLinked devicesLink a device → QR එක scan කරන්න.

අංකයෙන් link වෙන්නේ නැත්නම්, හෝ එකම phone එකේ QR scan කරන්න බැරි නම්: WalletX QR එක screenshot / WhatsApp එකෙන් වෙනත් device එකකට යවන්න (තවත් phone, tablet, හෝ PC). ඒ තිරේ QR එක ලොකුවට තියලා, shop WhatsApp phone එකෙන් Linked devices → scan කරන්න.

Test: වෙන phone එකකින් shop number එකට PDF හෝ photo එකක් යවලා Incoming orders බලන්න. Text-only message එකකින් order එකක් හැදෙන්නේ නැහැ.

8. දවසේ වැඩේ

9. Trial

Shop එකකට print request 1,500 ක් නොමිලේ. ඉවර උනාම +44 7404 037543 ට කියන්න.

10. ගැටලු

ගැටලුවකරන්න ඕන
SmartScreenMore info → Run anyway
Key already usedවෙන PC එකකට ඒ key එක වැඩ නැහැ. JenoLeap ට කියන්න
Printer list හිස්Shop PC Windows app එක openද බලන්න
WhatsApp file එක නැහැWalletX linked ද, Shop PC WalletX shop slug save ද, PDF/JPG/PNG ද බලන්න
QR / අංකය වැඩ නැහැQR එක වෙනත් device එකකට යවලා WhatsApp Linked devices වලින් scan කරන්න